පවත්නා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් විභාග බර අඩු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී සිට ඇරඹෙන අතර එහි දර්ශීය කලාපයට මහ කොළඹ ආර්ථික බල ප්‍රදේශය තෝරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
සෑම ජන වර්ගයකට ම අයත් එක්ලක්ෂ අසූහතරදාහක සිසුන් වැඩි ම ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන කොළඹ කලාපය තුළ මේ වනවිටත් එම අධ්‍යාපන පරිවර්තන කාර්යන් සිදු කරන බව අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව පාසල් දිවා ආහාර වැඩසටහන, උපදේශන වැඩසටහන, පාසල් තුළ විෂමාචාර වැළැක්වීමේ වැඩසටහන හා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශන වැඩසටහන ක්‍රියාත්මක වෙයි.



