මැතිවරණ කොමිසම හෙට තීරණාත්මක සාකච්ඡාවක

Share

මැතිවරණ කොමිසමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.

ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ඇතුළු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙනු ඇති.

පළාත් පාලන මැතිවරණය මේ මස නම වනදා පැවැත්වීමට සූදානම් කර තිබුණත් නියමිත පරිදි එදින මැතිවරණය පැවැත්වෙන්නේ නැති බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළා.

ඒ අනුවයි මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙට සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත්තේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ද ඉදිරිපත් කෙරුණා.

Read more

Local News