මෙරට ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර කාර්මිකයන් සිදුකරන නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් මැඬලීම සඳහා ආරක්ෂක අංශ හා වෙරළාරක්ෂක බලකායට අමතරව ස්වේච්ඡා බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, වර්තමානයේ ධීවරයින් මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යාපනයේ (මාර්තු03) පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදිය.