ඉදිරි සති කිහිපයේ ඖෂධ රැසක් ලැබීමට නියමිතයි – සෞඛ්‍ය අමාත්‍ය

Share

මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් ඖෂධ 83ක් පෙරේදා දිනය වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

රටේ ඖෂධ හිඟයක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News