රුපියල් කෝටි 16ක පමණ වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතීවිරෝධී ලෙස ඉන්දියාව වෙත රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීයාවේ මුම්බායි නගරය වෙත පිටත්වී යාමට සැලසුම් කර සිටි එම සැකකරුවන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂක, රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත ද සිල්වා පැවසීය.