නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (13) පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල අද උදෑසන 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.
වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරනා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.