අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වෙත ඇමරිකානු ජනාධිපතිවරයා ගෞරව සම්මානයක් ප්‍රදානය කර තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ එරට ජනතාව වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ ආගමික හා සමාජීය සේවාව අගයමිනුයි.
උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මේරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන්ට අමෙරිකානු ජනාධිපති ජෝබයිඩ්, ගෞරව සම්මානයක් ප්‍රදානය කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ජෝබයිඩ්න් ජීවිතයේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන මෙම සම්මානය ලබාගත් පළමු බෞද්ධ හිමිනම වන්නේද, පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකළ ආගමික හා සමාජයීය සේවාව ඇගයීම වෙනුවෙන්, උන්වහන්සේ හට මෙම සම්මානය ප්‍රදානය කර තිබෙනවා.
මෙම සම්මාන ප්‍රදානය පසුගියදා, මේරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී සිදුකර තිබෙනවා. එහිදී උන්වහන්සේ වෙත මෙම සම්මානය පිළිගන්වා ඇත්තේ, ඉන්දු ඇමරිකානු ව්‍යවසායක කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී.