අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළේය.