වගා කන්න තුනකට පසු ගොවීන්ට නොමිලේ මඩ පොහොර ලබා දීමට කටයිතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මෙරට ගොවි ජනතාවට වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා වුණා.
මෙම නෞකාවේ මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 000 ක් ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර යල කන්නයේ වී වගා කළත් නොකළත් මෙරට සියලු ගොවීන්ට මෙම පොහොර තොගය නොමිලයේ ලබා දෙන බවයි අමාත්‍යවරා සඳහන් කළේ.
ඒ අනුව වගා කන්න තුනකට පසු ගොවීන්ට සියලු පොහොර එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නයයි.
ගොවි ජනතාව වෙත පොහොර නිල වශයෙන් බෙදා හැරීම ලබන 19 වනදා ආරම්භ කිරීමට නියමිතයි.