සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) දිනයේ ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මැයි 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 සාමාන්‍ය පෙළ විභාගය පසුගියදා පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළු අර්බුද කිහිපයක් හේතුවෙන් දෙසතියකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙයි.

හෙට පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් කෙරෙමින් පවතින අතර ඩෙංගු පාලන පියවරද ගනිමින් පවතී.

ඒ අනුව විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත් ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News