අද සිට ටැක්ස් ෆයිල් අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

Share

අද සිට ක්ෂේත්‍ර කිහිපයක පුද්ගලයින් සහ කණ්ඩායම්වලට ආදායම් බදු ලිපි ගොනු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මෙලෙස ටැක්ස් ෆයිල් අනිවාර්ය කළ පිරිස අතර වෛද්‍යවරුන්, නීතිඥයින්, ගණකාධිකාරීවරුන්, බැංකු නිලධාරීන්, වස්තු විද්‍යාඥයින් ඇතුළු වෘත්තීන් කිහිපයක පිරිස් ඇතුලත්.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දින මීට අදාල අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

Read more

Local News