පානදුර වෑකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හල් භූමිය වෙත දිවගොස් තිබුණි.
ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව ඇත.
තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි.
ඝාතකයා මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



