දිස්ත්‍රික්ක 3කට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලටය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් මෙලෙස නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News