සිනමා කර්මාන්තයේ සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීමට හැකි වන පරිදි ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.



