අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් නීතිඥ අජිත් ප්රසන්තට අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
එම සිරදඬුවම අජිත් ප්රසන්න දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.



