ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර
ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විදුහල්පති සේවය සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන බවත් එම සම්මුඛ පරීක්ෂණ ජුනි 15 දින වන විට අවසන්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව එළඹෙන ජූනි මාසය අවසන් වන විට එම විදුහල්පති පුරප්පාඩු පිරවිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
තවද පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා , එළඹෙන 16 වෙනිදා ගුරුවරු 7500කට පත්වීම් ලබා දීමට නියමිත බවද හෙතෙම පැවසීය. 2019/2020 වසරවල විද්‍යාපීඨ සඳහා බඳවා ගත් පිරිසට මෙළෙස පත්වීම් ලබා දේ.
ඒ අනුව නව පත්වීම් ලබන ගුරුවරු එළඹෙන ජුනි 19වන දා සිට පාසල් වලට වාර්තා කළ යුතුව තිබේ. තවද ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී පළාත් මට්ටමින් තිබෙන ගුරු හිගයන් පියවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් එම බඳවා ගැනීම් සිදු කරන බවද හෙතෙම පැවසීය.



