මෙරට වෙළෙඳ ක්‍රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක්

Share

මෙරට වෙළෙඳ ක්‍රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක් කඩිනමින් සකසන ලෙස ජනාධිපති ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ (NTFC) ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News