ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් (Bonnie Horbach) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (09) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිටියා.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක් විය.



