ණය පොළිය අඩු කිරීමේ සහනය හැකි ඉක්මනින් ජනතාවට

Share

උද්ධමනයේ යම් පාලනයක් තිබෙන නිසා පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පොළී අනුපාතය 2.5%කින් අඩුකළ බවත් වාණිජ බැංකු විසින් ඉතා ඉක්මනින් මෙම සහනය මහජනතාවට ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

සාමාන්‍ය බැංකු වල පොළිය තීරණය වෙන්නේ මහ බැංකු පොළී අනුපාතය මත බවත් එහෙත් එක්වරම වාණිජ බැංකුවලට මෙම සහනය ලබා දිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

Read more

Local News