කොළඹ ප්රදේශ කිහිපයකට අද (13) පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
අද පෙරවරු 10 සිට එම ප්රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්රියාත්මක වේ.



