අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා.
ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.
වටානා – රු.13 කින් අඩුවී ඇති අතර එහි නව මිල රු.275
පාන්පිටි – රු.5 කින් අඩුවී ඇති අතර එහි නව මිල රු.195
රතු පරිප්පු – රු.4 කින් අඩුවී ඇති අතර එහි නව මිල රු.295 යි.



