රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
එසේම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවද මෙලෙම ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





