MOP හෙවත් බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් හෙට (15) සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මේ වනවිට රුපියල් 15,000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
මෙම යල කන්නය ආරම්භයේ දී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා ද මෙම පොහොර මිල රුපියල් 4500කින් අඩු කරනු ලැබුවා.



