ග්ලෝකල් ෆෙයාර් ‘පෙර සූදානම’ ඇමතිවරුනේගේ නිරීක්ෂණයට

Share

යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ සෙනසුරාදා (15) සහ ඉරිදා (16) පැවැත්වෙන “ග්ලෝකල් ෆෙයාර් 2023“ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවයේ පෙර සූදානම ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නිරීක්ෂණයට අද ලක්විය.

මුට්‍රවේලි ක්‍රීඩාංගනයට අමාත්‍යවරුන් පැමිණ පෙර සූදානම පිළිබද අවධානය යොමු කළ අතර ජනතාවට ලබාදෙන සේවාවන් පිළිබද සාකච්ඡා කළේය.

උතුරු පළාතේ ජනතාවට මෙම ස්ථානයට පැමිණ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ලබාදෙන සේවාවන් ලබාගන්නා ලෙසට අමාත්‍යවරු දෙදෙනා උතුරු පළාතේ ජනතාට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

මේ වන විට පවතින විදේශ රැකියා අවස්ථාවන් මොනවාද, විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී අනුගමය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබද මෙහිදී දැනුවත්වීමට අවස්ථාව ලැබෙනවා. විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට අපේක්ෂා කරන අයටත් කම්කරු දෙපාර්තමේන්තුව හරහා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන උතුරු පළාතේ ජනතාවට මෙම ස්ථානයට පැමිණෙන්න කියලා ආණ්ඩුව වෙනුවෙන් ආරාධනා කරනවා.

Read more

Local News