නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ තම ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑරදුන් වැඳපුදා ගෙන තිබෙනවා.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඉනෝකා රාජපක්ෂ ඇතලු ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.






