අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

Share

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැ රුපියල්348ක් වනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස වාර්තා වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 306ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358ක් වනවා.

භූමිතෙල් මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 226ක් ලෙසයි සඳහන් වන්නේ.

Read more

Local News