ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන්ගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි අද (04) සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් ද පවත්වනු ලබනවා.