මහව පොලිස් ස්ථානයට වාර්තා වූ දේපල සොරකම් කිරීම්, යතුරුපැදි සොරකම්, විදුලි වතුර මෝටර හා වාහන බැටරි සොරකම් කිරීම් යන සිද්ධි රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 48 යන වයස්වල පසුවන බලල්ල, මහව හා හෙට්ටිපොල ප්රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදි 03 ක්, වතුර මෝටර 07ක්, රූපවාහිනි යන්ත්රයක්, විදුලි පංකාවක්, වාහන බැටරි 02 ක්, තණකොල කපන යන්ත්රයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.