බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවත ප්‍රදේශයේ දී මොරටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඊයේ (09) පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන නැදිමාල, දෙහිවල ලිපිනයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



