වාග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනී ප්රිගොෂින් ගුවන් අනතුරින් මියගිය බව රුසියාව තහවුරු කර තිබෙනවා.
රුසියාව ඔහුගේ මරණය නිළ වශයෙන් ප්රකාශයට පත් කළේ මියගිය අයගේ ජාන විශ්ලේෂණ ප්රතිඵල අනුවයි.
පසුගිය බදාදා සිදු වූ ගුවන් අනතුරින් ප්රිගොෂින් ඇතුළු 10 දෙනෙකු මිය ගියා.
ප්රිගොෂින්ගේ මරණයට යුක්රේනයේ කිසිඳු සම්බන්ධයක් නැති බව මේ අතර යුක්රේන ජනපති සෙලන්ස්කි ප්රකාශ කර තිබෙනවා.
දැන් යුක්රේන රුසියා යුධ ගැටුම පිළිබඳ සවිස්තර වාර්තාව.