යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 548 යි

Share

යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 548ක්.

ගිනිකොනදිග රොබොටින් ගම්මානයේ රුසියානු ආරක්ෂක වළල්ල බිඳ දමා ඇති බව, යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය පවසනවා. තවදුරටත් ඒ සඳහා හමුදා යොදවන බවයි යුක්‍රේනය පෙන්වා දෙන්නේ.

වාග්නර් ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් මියගොස් ඇති බව එක්සත් ජනපදය ද විශ්වාස කරන බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.මේ අතර යුක්‍රේනයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු සහ ෂෙල් ප්‍රහාරවලින් තවත් දෙදෙනෙකු මියගිය බව ද යුක්‍රේන බලධාරීන් පවසනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ කර්මාන්ත ශාලාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.මේ අතර ක්‍රිමියාවට ආසන්න කළු මුහුදට ඉහළින් පියාසර කළ එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා දෙකක් වැළැක්වීම රුසියාව ප්‍රහාරක ජෙට් යානා දෙකක් යෙදවීමට කටයුතු කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන G20 කණ්ඩායමේ සමුළුවට සහභාගී වීම අපේක්ෂා කරන්නට බැරි බවයි එරට විදේශ ඇමතිවරයා ඊට සහභාගි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ.

Read more

Local News