යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 551 යි (VIDEO)

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 551යි.

හෙලිකොප්ටර් යානා 2ක් අනතුරට ලක්වීමෙන් යුක්‍රේන සෙබලුන් 6 දෙනෙකු ඊයේ මියගියා.

එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමට යාමේදී එම යානා එක්වරම කඩා වැටී තිබෙනවා.

මේ අතර යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකු යුක්‍රේනයේ දී මියගොස් තිබෙනවා.

22 හැවිරිදි සැමුවෙල් නිව්වි යුක්‍රේන හමුදා බුද්ධි ඒජන්සිය වන GUR සමඟ සේවය කළ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News