ඉන්දියාවට පැය 2ක් තුළ අකුණු සැර 61,000ක් – 12ක් මරුට

Share

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයට පැය දෙකක් තුළ අකුණු සැර 61,000ක් පමණ පතිත වී තිබෙනවා.

අකුණු සැර හේතුවෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයන් 14 දෙනෙකු අකුණු සැර වැදීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

බෙංගාල බොක්ක ආශ්‍රිතව සක්‍රීය වී ඇති සුළි කුණාටු තත්ත්වය මීට හේතුව බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ.

මෙම තත්ත්වය ලබන සැප්තැම්බර් 7 දක්වා පවතිනු ඇති බවටයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Read more

Local News