සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ ධර්මපාල පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී ඔහු විසින් බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් සොරකම් කරන ලද ජංගම දුරකථන 07ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News