හයිටියේ බන්ධනාගාරයකට සන්නද්ධ කල්ලි කඩාවදී – 4000කට වැඩි පිරිසක් පැනයයි (VIDEO)

Share

හයිටි රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන බන්ධනාගාරයකට සන්නද්ධ කල්ලි කඩා වැදී තිබෙනවා.

එම බන්ධනාගාරය තුළ රැදවියන් 4000කට වඩා වැඩි පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ.

සන්නද්ධ කල්ලි කඩා වැදීමත් සමඟ ඔවුන් මේ වනවිට පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී 2021 වසරේදී එරට ජනාධිපති මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කල්ලි සාමාජිකයින් යළි අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

හයිටියේ ප්‍රධාන බන්ධනාගාරයේ දොරවල් තවමත් විවෘතව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හමුවේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වන විට එරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News