අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමිනි.
එසේම ජනතාවට අවහිර වන ලෙස පා ගමනේ නිරතවීම සහ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලූවීම ද එමඟින් තහනම් කර ඇත.
මෙම පාගමන ආරම්භ වූයේ කැළණිය විශ්වවිද්‍යාලය අසළනි.