මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් ක්‍රියාත්මක “නිවසක් වෙනුවට ජීවිතයක්” වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 437 ක් ජනතා අයිතියට පවරාදීම සිදු කෙරිණි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ දෙමටගොඩ, සියපත් සෙවණ, නව නිවාස සංකීර්ණයේදි යි.
නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස 10 ක යතුරු නිවාසලාභීන් වෙත ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.