චීන වෙරළාරක්ෂක බලකාය නීතිවිරෝධී ජපන් යාත්‍රා පලවා හරී

Share

චීනයේ මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ ජපන් යාත්‍රා පලවා හැරීමට චීන වෙරළාරක්ෂක බලකාය පියවර ගෙන තිබෙනවා.

“Sanka Maru” නමැති ජපාන ධීවර යාත්‍රාව සහ එරට මුර සංචාර නෞකා කිහිපයක් 10 වැනිදා Diaoyu දූපත් ආශ්‍රිත චීන මුහුදු සීමාවට නීතිවිරෝධීව ඇතුළු වූ බව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu පැවසීය.

Diaoyu දූපත් සහ ඒවාට අනුබද්ධ දූපත් සහිත කලාපය චීනයට අයත් භූමියක් වන අතර චීන වෙරළාරක්ෂක නීතියට අනුකූලව, ජාතික අධිකරණ බලය යටතේ රට සතු සාගර කලාපයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමට චීන වෙරළාරක්ෂක බලකාය පියවර ගෙන තිබෙනවා.

එහෙයින් අදාළ මුහුදු ප්‍රදේශයේ සිදුවන සියලු නීතිවිරෝධී ක්‍රියා වහාම නවත්වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම රටට සියලු හිමිකම් ඇති බව ද චීනය දැනුම් දෙයි.

Read more

Local News