ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව වේග පන්දු යවන හා දඟ පන්දු උපදේශකයන් දෙදෙනෙක් බඳවා ගැනේ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව වේග පන්දු යවන හා දඟ පන්දු උපදේශකයන් දෙදෙනෙක් කෙටි කාලීන සේවා අවශ්‍යතාව වෙනුවෙන් බඳවා ගෙන තිබේ.

ඒ අනුව හිටපු ඔස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක පීටර් ස්ලීප් දඟ පන්දු යවන උපදේශක ලෙසත්, වික්ටොරියා ක්‍රිකට්හි ඉහළ දක්ෂතා කළමණාකරු තිමති මැක් කැස්කිල් වේග පන්දු යැවීමේ උපදේශක ලෙසත් කටයුතු කරනු ඇත.

චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් මත මෙම බඳවා ගැනීම් සිදුකර ඇත.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් දින 15ක් හා දින 10ක් තම සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදීමට නියමිතය.

Read more

Local News