වියට්නාමයට බලපා ඇති යාගී සුළි කුණාටුවෙන් මියගිය ගණන 155 දක්වා ඉහළට

Share

වියට්නාමයට බලපා ඇති යාගී සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 155 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 65 දෙනෙකු පමණ තවමත් අතුරුදන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් සොයා අඛන්ඩ මෙහෙයුම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අධික වර්ෂාව නිසා ගංඟාවල ජල මට්ටම සෑම පැයකටම සෙන්ටිමීටර් 10කින් ඉහළ යන අතර එරට පාසල් රැසක් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News