භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රකාශ සිටියේ,
වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ අරමුණෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹි අැත.
ජාවාරම්කාර වැලි ව්‍යාපාරිකයින්ගෙන් ජනතාව මුදා ගැනීමට තම කාර්යාංශය ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගන්නා බව ද ඒ මහතා පැවසීය.
විශේෂයෙන් කුඩා ඉදිකිරීම් කටයුතු වලදී නාගරික ජනතාව වැලි සපයා ගැනීමේදී විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් කිලෝ 50, 25 සහ 10 යන ප්‍රමාණ වලින් වැලි උර වෙළඳපළට නිකුත් කරන බවත් සමාජ සත්කාරයක්ලෙස ක්‍රියාවට නැඟෙන මෙම ව්‍යාපෘතිය තුළින් ආර්ථික ලාභයක් අපේක්ෂා නොකරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.