ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධිවරයින් පස්දෙනෙකු නිදහස් කෙරේ

Share

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු යළි මෙරටට භාර දීමේ කාර්ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඊයේ (15) දින සිදු කෙරිණි.

ඒ අනුව, එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන සීජී 402 යාත්‍රාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘ආමේයා’ නෞකාව ද සහභාගී විය.

නිදහස් කෙරුණු ධීවරයින් නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව මත කන්කසන්තුරය වෙත රැගෙන එමෙන් පසු යාපනය, සහකාර ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News