කිරලගහවෙල දෙස සිට තෙල්වත්ත දෙසට ගමන් කළ පාපැදියක් එක් වරම දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම පිටුපසින් ධාවනය වූ යතුරුපැදියක පාපැදිය ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු බලපිටිය රෝහලට ඇතුලත් කර පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 62ක් වූ කෝමල වත්ත, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.