අමෙරිකාවේ කැලිෆෝනියාහි ලොස්ඇන්ජලීස් නගරයෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අක්කර 3000ක පමණ පැතිර යන ලැව්ගිනි හේතුවෙනුයි.
ලැව්ගිනි නිසා පුද්ගලයන් 30,000කට වැඩි පිරිසකට ඉවත්වන ලෙසට ද දැනුම් දී තිබෙනවා.
අමෙරිකානු ජනපති විපතට පත් සියලු දෙනාට අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන් ම මේ වන විට පුද්ගලයන් 45,000කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව සිටින බවද වාර්තා වනවා.
ගොඩනැගිලි 13,000ක් පමණ ලැව්ගිනි තර්ජනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.