Home ක්‍රීඩා පුවත් පවුම් විසිකෝටියක කොන්ත්‍රාත්තුවකට බ්‍රසීල ජාතික පාපන්දු වීරයා ප්‍රංශ ක්‍රීඩා සමාජයට

පවුම් විසිකෝටියක කොන්ත්‍රාත්තුවකට බ්‍රසීල ජාතික පාපන්දු වීරයා ප්‍රංශ ක්‍රීඩා සමාජයට

0
පවුම් විසිකෝටියක කොන්ත්‍රාත්තුවකට බ්‍රසීල ජාතික පාපන්දු වීරයා ප්‍රංශ ක්‍රීඩා සමාජයට

විසිපස් හැවිරිදි වියේ පසුවෙන බ්‍රසීල ජාතික පාපන්දු වීරයා ප්‍රංශ ක්‍රීඩා සමාජයට එක්ව සිටින්නේ පවුම් විසිකෝටියක ((£200m) ) කොන්ත්‍රාත්තුවක් අනුවයි.

බාසිලෝනා ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජය අත්හරිමින් තමා PSG (Paris St-Germain )ප්‍රංශ පාපන්දු ක්‍රීඩා සමාජයට එක්වුණේ මුදලට ඇති ගිජු භාවය නිසා යයි ඇතැමුන් කල්පනා කිරීම පිළිබඳව කනගාටු වෙන බව ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක නෙයිමාර් (Neymar) පවසයි.
එම ක්‍රීඩා කොන්ත්‍රාත්තුව අනුව නේමාර් වසරකට පවුම් කෝටි පහකට ((£40.7m) )ආසන්න ආදායමක් ලබයි.
නෙයිමාර්ට වෙනත් පාපන්දු සමාජයක දී මීටත් වැඩි මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි PSG (Paris St-Germain )ප්‍රංශ පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති නසර් අල් කලයිෆි පවසයි.
නෙයිමාර් වෙනුවෙන් එම ක්‍රීඩා සමාජය විසින් වැය කරනු ලබන මුළු මුදල පවුම් කෝටි හතළිහකි.( £400m.)
‘ඔබ බාසිලෝනා අත්හැර පැරිසියට පැමිණියේ මුදල් නිසාදැයි’ විමසූ විට නෙයිමාර්ගේ පිළිතුර මෙසේ විය.
“මේ සල්ලි කතාව කියන අයට එක දෙයක් කියන්න අවශ්‍යයි. ඔවුන් මගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම කවදාවත් සල්ලි පස්සේ දුවලා නැහැ”
ඔහු තවදුරටත් මෙසේ කියා සිටියි.


“මම සල්ලි පස්සෙම දුවනවා නම් මම ඉන්න ඕන වෙනත් තැනක. වෙනත් රටක වෙනත් ක්‍රීඩා සමාජයක. මට හරිම කනගාටුයි මිනිස්සු ඒ විධියට හිතන ඒක ගැන. ඇත්තෙන්ම, මම PSG ක්‍රීඩා සමාජයට කැමතියි”
PSG පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා නෙයිමාර් වෙනුවෙන් ඉදිරිපත්වෙමින් මෙසේ පවසයි.
“නෙයිමාර් අපේ ක්‍රීඩා සමාජයට එක් වුණේ ඔහු විශ්වාස කරන ක්‍රීඩා ව්‍යාපෘතියක් අනුව සෙල්ලම් කිරීමට. ඔහුට අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩා සමාජයකට බැඳිල අපි දෙන මුදලට වැඩි මුදලක් ලබා ගන්න තිබුණා.ඒක සහතිකයි”
කෙසේවුවද, ලෝක පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩා සමාජයක් විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද වැඩිම ලංසුව පෙරට තැබුණේ නෙයිමාර් වෙනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here