ජනපතිගේ චීන සංචාරයේ තෙවැනි දිනය අදයි

Share

චීන ජනාධිපතිගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතයි.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුප්පෝපහාර දැක්වීමට ද නියමිතය.

Read more

Local News