හම්බේගමුව, කරමැටිය ප්රදේශයේ වාඩියක පුද්ගලයින් පිරිසක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 63 ක් වූ කල්තොට, බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු පිරිසක් සමඟ වාඩියෙහි මත්පැන් පානය කර ඇති බවත්, එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙනවා.