මහා බ්රිතාන්යට දරුණු සුළි කුණාටුවක් පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.
එඕවින් ලෙස නම් කර ඇති මෙම කුණාටුව නිසා පැයට සැතපුම් 100 දක්වා දැඩි සුළං සහ ටොනේඩෝ තත්වයන් ද ඇතිවිය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.
ඒ හේතුවෙන් සියලු පාසල් ද වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.