ඊයේ (10) රාත්රී 07.30 ට පමණ කොටහේන පොලිස් වසමේ බෙනඩික් මාවතේ දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 43ක් වූ ජම්පටාවීදිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.