ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම, මාරු කිරීම සිදු කර ඇති අතර සේවයේ අවශ්‍යතාවය මත වැඩබලන පොලිස්පතිතුමා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නව පත්කිරීම් 50ක්ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මරුකිරීම් 36ක්ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක්ද, වශයෙන් සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම ස්ථාන මාරුවීම් 2025.02.13 දිනට හා 2025.02.18 වන දිනට කාණ්ඩ දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.